හයිය

හයිය · Haiya

භාෂාව තෝරන්න · மொழியைத் தேர்ந்தெடுக்கவும் · Choose language

පස්සේ header එකෙන් 🌐 මාරු කරන්නත් පුළුවන්

හයිය logo

විශ්වාසය

අපි තහවුරු කරන්නේ කොහොමද

ගෙදරට කෙනෙක් ගන්න එක සරල දෙයක් නෙමෙයි. ඒ නිසා tick එකක් දාලා ඉවර කරන්නේ නෑ — මොනවද තහවුරු කරලා තියෙනවද කියලා ඒ profile එකේම ලියලා තියෙනවා.

අවදානම අඩුයි

තහවුරු කරපු කෙනෙක් කියන්නේ අපි එයාව හඳුනන කෙනෙක්. අවුලක් වුනොත් එයා කවුද කියලා අපි දන්නවා — ඒක නොදන්න කෙනෙක්ට වඩා ලොකු වෙනසක්.

දැනට තහවුරු කරපු 6 දෙනෙක්

ලියවිලි වලට වෙන්නේ මොකද්ද

තීරණය ගත්ත ඒ මොහොතේම NIC photos මැකෙනවා. අපි ගාව රැඳෙන්නේ 'මේවා බැලුවා' කියන සටහන විතරයි — අංකයක්, රූපයක් නෙමෙයි.

අපිට කරන්න බැරි දේ

අපි බලන්නේ ඒ මනුස්සයා කියන කෙනාමද කියන එකයි. පොලිස් වාර්තාවක් අපි බලන්නේ නෑ, වැඩේ හොඳද කියලා අපි වගකියන්නෙත් නෑ. Verified කියන්නේ 'මේක ඇත්ත මනුස්සයෙක්, අපි එයාව හඳුනනවා' කියන එකයි — 'මේ මනුස්සයා හොඳයි' කියන එක නෙමෙයි.

ගෙදරට කෙනෙක් ගන්න කලින්

ඔයා සේවාවක් දෙනවද?

තහවුරු කරගන්න එකෙන් වැඩ වැඩිපුර එනවා — customer කෙනෙක් නොදන්න කෙනෙකුට වඩා තහවුරු කරපු කෙනෙක්ට කතා කරනවා. Profile settings එකේ ඒ section එක තියෙනවා.

Profile එකට යන්න