ඔයාගෙ වැඩේටගැලපෙනම කෙනාවහොයා ගන්න
ඔයාගෙ හයියට අපෙන් හයියක්!
මේසන් බාස්ලා ඉඳන් web developers, ග්‍රැෆික් ඩිසයිනර්ලා දක්වා, ඕනම වැඩකට හොඳම අය.
බලන්න ගිණුමක් හදාගන්න · තත්පර කිහිපයයි.
ඔයාගේ skill එක විකුණන්න පටන් ගන්න
Profile එකක් හදලා ගාන, නිදහස් වෙලාවන් දාන්න. වැඩ කෙලින්ම ඔයාට එයි, commission නෑ.
පටන් ගමුහයිය පාවිච්චි කරන්න කලින් මේක කියවන්න
ඉතාම වැදගත්
සේවකයා සහ සේව්‍යා අතර සිදුවන ගනුදෙනු, පහරදීම්, වංචා හෝ ඕනෑම නීති විරෝධී ආකාරයක කටයුත්තකට අප හයිය වේදිකාව කිසිදු ආකාරයකට වගකියනු නොලබේ. සම්පූර්ණ වගකීම සහ අවදානම ඔබ සතු වේ.
ඕන කෙනෙකුට ගිණුමක් හදන්න පුළුවන් — ඒ කියන්නේ වංචාකාරයෝ, බොරු මිනිස්සු, හොරු ලියාපදිංචි වෙන එක අපිට වළක්වන්න බැහැ. අද deepfake, AI වලින් හදන ලියවිලි එක්ක ඒක තව අමාරුයි. ඒ නිසා ඉතාමත් අවධානයෙන්, බුද්ධිමත්ව මේක පාවිච්චි කරන්න.
සල්ලි කලින් දෙන්න එපා
අත්තිකාරම්, bank transfer, top-up card — කිසිවක් එපා. ගෙවීම වැඩේ ඉවර වුනාට පස්සේ, ඔයා දෙන්නා අතරේ. ඉල්ලුවොත් report කරන්න, ඒ ගිණුම ban වෙනවා.
අපි කිසිවෙකු පරීක්ෂා කරලා නෑ
හයිය කරන්නේ මිනිස්සු දෙන්නෙක් හඳුන්වලා දෙන එක විතරයි. අපි කිසිවෙකු රැකියාවට ගන්නේ නෑ, කිසිවෙකුගේ නියෝජිතයෙක් නෙමෙයි, පොලිස් වාර්තා බලන්නේ නෑ. කවුරු ගෙදරට ගන්නවද කියන තීරණය සහ ඒකේ අවදානම ඔයාගේ.
ගාන කලින්ම කතා කරගන්න
වැඩේ පටන් ගන්න කලින් ගාන, දවස් ගාන, ද්‍රව්‍ය කාගෙද කියලා කතා කරගන්න. ලියලා තියාගත්තොත් පස්සේ තර්කයක් නෑ.
හයිය කියන්නේ මොකක්ද
ලංකාවේ අහිංසක මිනිස්සුන්ගේ දක්ෂතාවයට, හැකියාවට අවංකවම වටිනාකමක් ලබා දීමේ අවංක අරමුණක ප්‍රතිඵලයක් වශයෙන් බිහිවුන වේදිකාවක් තමයි හයිය කියන්නේ. අතරමැදියන්ගෙන් තොරව, සෑම රැකියාවක්ම එක හා සමානයි කියන ගැඹුරු දර්ශනය හයිය වේදිකාව නිර්මාණයට ලොකු පිටුවහලක් උනා.
Collar රැකියා කරන අයට LinkedIn වගේ උසස් තත්වයේ වේදිකා විවෘත වෙලා තිබුණත්, දෑතේ වීර්යෙන් වැඩ කරන අයට කිසිම වේදිකාවක් තිබ්බේ නෑ. අන්න ඒ නිසා තමයි හයිය වේදිකාව ඔබට හයියක් වන්නට බිහි උනේ.
මොන වැඩේද ඕන?
හයියේ තියෙන දේ
Ratings සහ reviews
වැඩ කරගත්ත අය ලියපු ඇත්ත අදහස් බලලා තෝරගන්න.
කෙලින්ම අංකයට
ගිණුමක් හදලා ඇතුලට වෙන්න ඕන නෑ. අංකය බලලා call එකක් දෙන්න.
වෙලාවක් book කරන්න
නිදහස් වෙලාව බලලා කෙලින්ම booking එකක් දාන්න.