හයිය logo

රහස්‍යතාව

අවසන් වරට යාවත්කාලීන කලේ: 2026-09-05

1. අපි එකතු කරන දේ

ගිණුම: Google එකෙන් එන නම සහ email එක.

Profile එක: ඔයාම දාන දේවල් — නම, දුරකථන අංකය, දිස්ත්‍රික්කය, නගරය, වර්ග, දක්ෂතා, විස්තරය, photo.

පාවිච්චිය: bookings, reviews, reports සහ ඔයා කොන්දේසි වලට එකඟ වුන දිනය.

අපි හැඳුනුම්පත් අංකයක් හෝ උපන් දිනයක් ගන්නේ නෑ. බාස් කෙනෙක්ට තියෙන්නේ වයස අවුරුදු 18ට වැඩියි කියලා tick කරන එක විතරයි — දිනයක් නෙමෙයි.

අපි ඔයාගේ ස්ථානය track කරන්නේ නෑ, ඔයාව අනිත් website වල පස්සේ යන්නේ නෑ, කිසිවෙකුට දත්ත විකුණන්නේ නෑ.

2. කොපමණ කාලයක් තියාගන්නවද

Notifications: කියවපු ඒවා දවස් 2ක්, ඉතුරු ඒවා දවස් 10ක්.

ඉවර වුන bookings: දවස් 180ක්. Reports: විසඳපු ඒවා දවස් 14ක්, විවෘත ඒවා දවස් 30ක්.

ඔයා ගිණුම මැකුවම profile එක, photos, bookings සහ reviews මැකෙනවා.

3. කවුරුට මොනවා පේනවද

Profile එකේ දාන දේ ඕන කෙනෙකුට පේනවා — Google එකේත් පේන්න පුළුවන්. දුරකථන අංකයක් දාන්නේ නම් ඒක දැනගෙන දාන්න.

Email එක කවදාවත් පිටතට පේන්නේ නෑ.

4. Cookies සහ notifications

අපි පාවිච්චි කරන්නේ වැඩ කරන්න ඕනම cookies විතරයි — login එක, භාෂාව, theme එක. Advertising cookies නෑ, tracking නෑ.

Notifications ඕන නම් ඔයාම අවසර දෙන්නම ඕන. ඕන වෙලාවක browser එකෙන් ඒක නවත්තන්න පුළුවන්.

5. Microphone එක සහ camera එක

හෙවීමේ microphone එක browser එකේ දෙයක්. ඔයාගේ කටහඬ අපේ server එකට එන්නේ නෑ, අපි ඒක තියාගන්නේ නෑ.

Camera එකට අපි කවදාවත් අවසර ඉල්ලන්නේ නෑ. QR scan එකක් තිබුනා, ඒක අයින් කලා — phone එකේ camera app එකෙන්ම QR එකක් කියවෙනවා.

6. දත්ත තියෙන්නේ කොහෙද

දත්ත සහ website එක තියෙන්නේ ආරක්ෂිත data centers වල. ඒ server ලංකාවෙන් පිට තියෙන්න පුළුවන්.

7. ඔයාගේ අයිතිවාසිකම්

ඔයාගේ දත්ත බලන්න, හදන්න, මකන්න පුළුවන් — profile පිටුවෙන්ම.

ගිණුම මකන්නත් පුළුවන්. මැකුවම ආපහු ගන්න බෑ.

8. දරුවෝ

අවුරුදු 18ට අඩු කෙනෙකුට හයිය පාවිච්චි කරන්න බෑ.

9. වෙනස්කම්

මේක වෙනස් වුනොත් උඩ තියෙන දිනය වෙනස් වෙනවා. ලොකු වෙනසක් නම් ඔයාගෙන් ආයෙ එකඟතාව අහනවා.

කොන්දේසි