හයිය logo

වංචා හඳුනගන්න

ලංකාවේ ඇත්තටම වෙන දේවල්. කලින් දැනගෙන හිටියොත් ගොඩක් ඒවා වළක්වගන්න පුළුවන්.

වැඩේට කලින් සල්ලි ඉල්ලනවාඋපකරණ ගන්න, තීන්ත ගන්න, බස් ගාන කියලා කලින් සල්ලි ඉල්ලනවා. ඊට පස්සේ අතුරුදන්.ඉක්මනට පිටතට ගෙනියන්න හදනවාපළවෙනි පණිවුඩයෙන්ම "WhatsApp එකට එන්න" කියනවා. ඇයි ඒක අවදානමක් කියලා මෙතන.ගෙදර කවුරුත් නැති වෙලාව අහනවාවැඩේට අදාළ නැති ප්‍රශ්න — කවුද ගෙදර ඉන්නේ, කවදාද කවුරුත් නැත්තේ.හදිසියක් හදනවා"අද විතරයි මේ ගාන", "දැන් කිව්වේ නැත්තං වෙන කෙනෙක්ට දෙනවා".ඇවිත් ඉන්නේ වෙන කෙනෙක්Profile එකේ photo එකයි ඇවිත් ඉන්න කෙනායි එකම කෙනා නෙමෙයි.ගිණුමට "test" එකක් දාන්න කියනවා"සල්ලි යනවද බලන්න 100ක් දාන්න", "ගිණුම හරිද බලමු"."මම හයියෙන් කතා කරන්නේ" කියනවාහයියේ නමින් කතා කරලා සල්ලි හෝ password ඉල්ලනවා.

සැකයක් තිබ්බොත් නවතින්න. වැඩක් අත් හැරෙන එක සල්ලි නැති වෙන එකට වඩා හොඳයි. මොකක් හරි වුනොත් අපිට කියන්න.