වංචා හඳුනගන්න
වැඩේට කලින් සල්ලි ඉල්ලනවා
උපකරණ ගන්න, තීන්ත ගන්න, බස් ගාන කියලා කලින් සල්ලි ඉල්ලනවා. ඊට පස්සේ අතුරුදන්.
මේක තමයි වැඩිපුරම වෙන එක.
"උපකරණ ගන්න 5000ක් දාන්න", "තීන්ත ගන්න මුලින්ම සල්ලි ඕන", "බස් ගාන එවන්න" — ඊට පස්සේ ඒ අය අතුරුදන්.
හයියේ නීතිය: ගෙවීම වැඩේ ඉවර වුනාට පස්සේ, ඔයා දෙන්නා අතරේ. කලින් සල්ලි ඉල්ලන එක නීති කැඩීමක්.
මොකද කරන්නේ: සල්ලි දෙන්න එපා. Report කරන්න. ඒ ගිණුම පෙර විමසුමකින් තොරව වහනවා.
⚠️ ඇත්ත බාස් කෙනෙක් උපකරණ ගන්න තමන්ගේ සල්ලි දාලා, වැඩේ ඉවර වුනාම ගාන ගන්නවා. උපකරණ ගන්න ඔයාගෙන් සල්ලි ඉල්ලනවා නම් ඒ අයට ඒ වැඩේ කරන්න බැරි කියන එකයි ඒකෙන් කියවෙන්නේ.
සැකයක් තිබ්බොත් නවතින්න. වැඩක් අත් හැරෙන එක සල්ලි නැති වෙන එකට වඩා හොඳයි. මොකක් හරි වුනොත් අපිට කියන්න.