හයිය logo
වංචා හඳුනගන්න

ඇවිත් ඉන්නේ වෙන කෙනෙක්

Profile එකේ photo එකයි ඇවිත් ඉන්න කෙනායි එකම කෙනා නෙමෙයි.

Profile එකේ එක කෙනෙක්, ගෙදරට එන්නේ වෙන කෙනෙක්. සමහර වෙලාවට ඒක සාමාන්‍යයි — කණ්ඩායමක් වැඩ කරනවා. ඒත් අහන්නම ඕන. මොකද කරන්නේ: • කලින් "කවුද එන්නේ?" කියලා අහන්න — මෙතන, ලියලා. • ඇවිත් ඉන්නේ වෙන කෙනෙක් නම්, වැඩේ පටන් ගන්න කලින් අහන්න. • උත්තරයක් නෑ නම් වැඩේ පටන් ගන්න එපා. Report කරන්න. ⚠️ හයිය කිසිවෙකු පරීක්ෂා කරලා නෑ. Profile එකේ photo එක ඒ කෙනාගේම එකක් කියලා අපි තහවුරු කරලා නෑ. ඒක අහන එක ඔයාගේ වැඩක්, ඒ එක්කම ඒක අහන එකේ කිසිම වැරැද්දක් නෑ.

සැකයක් තිබ්බොත් නවතින්න. වැඩක් අත් හැරෙන එක සල්ලි නැති වෙන එකට වඩා හොඳයි. මොකක් හරි වුනොත් අපිට කියන්න.